පැරැන්නන් දුටුවේ පොළොව
නොසෙල්වී එක තැන ම ඇති බවයි. ඒ නොසෙල්වී ඇති පොළොව වටා හිරු, හඳ, තරු
සමග අහස දවසකට වරක් වටයක් කැරකෙන බවයි. තවද ඔවූහු පොළොව විශ්වයේ මැද යැයි සිතුවෝය.
ඔවුන් වාසය කල රට වලින් එහාට මෙහාට යාමට හැටියක් නොමැති හෙයින් ඔවුන් සිතුවේ පෙනෙන
හරිය පමණක් පොළොව කියාය. එම නිසා පොළොව පැතැලි යැයි ඔවුන් සිතුවේය. පොළොවේ
පැතැලිභාවය පිලිබඳව ලෝකයේ විවිධ රටවල විවිධ මත තිබුණි.
උදා:
පැරණි ඉන්දියානුවන් සිතා සිටියේ මුහුදේ සිටි යෝධ ඉබ්බෙකුගේ පිට උඩ හිටගෙන සිටින
යෝධ ඇතුන් තිදෙනෙකු උන්ගේ පිට උඩ බන්දේසියක් වැනි පොළොව තබාගෙන සිටි බවයි.
ග්‍රීක
ජාතිකයන් සිතා සිටියේ පැතැලි පොළොව "හර්කියුලිස්" නම් යෝධයාගේ දෙ උර මත
ඇති බවයි.
පැරණි
ඊජිප්තු ජාතිකයන් සිතා සිටියේ පොළොව "මාඩුක්" නම් දෙවියන් මැවූ බවයි. ඒ
අනුව දෙවියන් මුහුද උඩ පැදුරක් එලා ඒ මත කුණු-රොඩු හා පස් දමා ගොඩබිම සෑදූ බවයි.
ක්‍රි.පූ. 640 කට පෙර ග්‍රීසියේ
විසූ "තේලිස්" නම් දාර්ශනිකයා ඊජිප්තු ජාතිකයන්ගේ මතය ටිකක් වෙනස් කොට
ග්‍රීසියේ පැතිරුවේය. තේලිස් තම මතයේ දෙවියන් ගැන සඳහන් කලේ නැත. ඔහු
පැවසුවේ "පැතලි පොළොව මුහුදේ පාවුන නැවකි. හිරු, හඳ, තරු ඒ වටා ගමන් කළ
ගිනිගුළියි. පොළොවේ භූමි කම්පා ඇති වන්නේ මුහුදු රැල්ලට පොළොව සෙලවුණ විටයි.
" දෙවියන්ගේ මැවීමකට වඩා, මෙම මතය ස්වාභාවික පරිසරය තේරුම් ගැනීමට ගත්
උත්සහයක් ලෙස දැක්විය හැක. ඒ අනුව බැලූවිට විද්‍යාත්මක ඇසින් විශ්වය දෙස බැලූ
මුල්ම මිනිසා තේලිස් යැයි පැවසුවද වරදක් නැත.
පැතලි පොළොව නොසෙල්වී
විශ්වයේ මැද ඇති බවත් හඳ, හිරු, තරු ඇති අහස සැමදා නැගෙනහිර සිට බටහිරට කැරකෙන
බවත් සමහර දාර්ශනිකයන්ට හා නැණවත් පුද්ගලයන්ට ප්‍රශ්නයක් විය. පොළොවේ සැමතැනකටම
එකම තරුව නොපෙනෙන බව සමහරුන්ට වැටහිණ. පොළොව පැතැලි නම් එසේ එකම තරුව පොළොවේ
සැමතැනකටම පෙනිය යුතුය. මෙම පොළොව පැතැලි මතය මුලින්ම සැක කලේ ග්‍රීක ජාතිකයන්ය.
පොළොව එක් දිශාවකට පමණක් වටකුරු යැයි ඔවුන් සිතූහ. පොළොව උතුරේ සිට දකුණට වටකුරු
යැයි ඔවුන් සිතූහ. පොළොව යෝධ බෙරයක් යැයි ග්‍රීක ජාතික "ඇනැක්සිමැන්ඩර්"
කීය. පොළෝ බෙරයේ එක් ඇසක් නැගෙනහිර බවත් අනිත් ඇස බටහිර බවත් පැවසීය. පොළොවේ
සැමතැනකටම එකම තරුව නොපෙනීම පොළොවේ බෙර හැඩය හොඳ හේතුවක් විය. නමුත් ප්‍රශ්නය
විසඳ්රනේ නැත.
මුහුදේ නැවක් යනවිට
වෙරළට මුලින්ම නොපෙනී යන්නේ නැව්කඳය. ඊළඟට ටිකෙන් ටික රුවල හා කුඹ ගස නොපෙනී යයි.
නැවක් උතුරට ගියත් දකුණට ගියත් නැගෙනහිරට ගියත් බටහිරට ගියත් සිදුවුනේ එයයි. එසේ
නම් පොළොව හැම පැත්තෙන්ම වටකුරුයි. තවත් විදියකින් පොළොවේ ගෝලාකාර බව පෙනිණ. එනම්
චන්ද්‍රග්‍රහණය වනවිට පොළොවේ හෙවනැල්ල හඳට වැටෙන විටයි. ඒ හෙවනැල්ල වටකුරුයි. මේ
කරුණු නිසා පොළොව පැතැලි වස්තුවක් නොව ගෝලාකාර වස්තුවක් බව ග්‍රීකයන්ට සිතිණ.
පොළොව ගෝලාකාර වස්තුවක් බව මුලින්ම ප්‍රකාශ කලේ ග්‍රීක ජාතික "පිලෝලස්"
ය.පොළොව ගෝලාකාර බව දැනගත් කාලයේ "පයිතගරස්" නම් දාර්ශනිකයෙක් ග්‍රීසියෙන්
බිහිවිය. ඔහු විශ්වය ගැන තිබූ මතයට අලුත් මුහුණුවරක් දුන්නේය. කාලයක් විශ්වයේ මැද
යැයි සිතූ පොළොව එතැනින් ඉවත් කොට ඒ වෙනුවට "හෙස්ටියා" නම් යෝධ
ගිනිමැලයක් ඇති බවත් ඒ ගිනිමැලය වටා පොළොව, හඳ, හිරු, තරු හා ග්‍රහලෝක වටකුරු
මාර්ගවල ගමන් කරන බවත් පැවසීය. පයිතගරස් සිය විශ්වය පිලිබඳ මතය සන්‍යයට බොහෝ ළං
කළේය. නමුත් පයිතගරස්ගෙන් පසුව ඔහුගේ මතය අභියෝගයට ලක් කල "ප්ලේටෝ"
නැවතත් පොළොව විශ්වයේ මැදට ගත්තේය. ඔහු පැවසුවේ පොළොව වටා ඇති රෝද අටක හඳ, හිරු,
තරු හා ග්‍රහලෝක ගමන් කරන බවත් පැවසීය.
ප්ලේටෝගෙන්
පසුව ඔහුගේ ගෝලයා වූ "ඇරිස්ටෝටල්" මේ මතය පැතිර වූ ආකාරයට එකල විසූ
උගතුන්ට වෙන මතයක් ගැන සිතීමටවත් බැරි විය. මේ කාලයේ ග්‍රහලෝක ගැන අපූරු දෙයක්
සොයාගෙන තිබුණි. එය නම් ග්‍රහලෝක කාලයකදී දීප්තියෙන් වැඩිවීම හා තවත් නාලයකදී
දීප්තියෙන් අඩුවීමයි. එමෙන්ම ග්‍රහලෝක හිරු වටා යන ගමනේදී පොළොවට ඉස්සර වීම සහ
පසුවීම ද මෙම ප්ලේටෝගේ මතය මගින් පැහැදිලි නොවිණ.
පයිතගරස්ට
වසර 200කට පමණ පසුව ඇලෙක්සැන්ඩ්‍රියාවේ "ක්ලෝඩියස් තොලමි" නම්
දාර්ශනිකයකු බිහි විය. තොලමි කීවෙත් පොළොව විශ්වයේ මැද නොසෙල්වී ඇති බවයි. එනම් හඳ,
හිරු, තරු හා ග්‍රහලෝක පොළොව වටා වක්‍රාකාර මාර්ගවල ගමන් කරන බවයි. තවද ග්‍රහලෝකවල
අපූරු පෙනුම විස්තර කිරීමේදී ඔහු පැවසුවේ ග්‍රහලෝක පොළොව වටා වක්‍රාකාර මාර්ගවල
ගමන් කරන අතර තුර වක්‍රාකාර මාර්ගය දිගේ වැටුන කුඩා වක්‍රාකාර මාර්ගවලද මෙම ග්‍රහලෝක
ගමන් කරන බවයි. මේ කුඩා වක්‍ර " අපිචක්‍ර" යනුවෙන් හැඳින්විය.
එසේම බුධ
හා සිකුරු ග්‍රහයන්ගේ දීප්තිය අඩු වැඩි වීම පැහැදිලි කිරීමේදී ඔහු පැවසුවේ එම ග්‍රහලෝක
හා හිරු හැමවිටම එක පෙළට ගමන් කරන බවය. ග්‍රහලෝක වලින් එහා තරු ගෝලය පිහිටි බවත්
දිනකට එක් වරක් තරු ගෝලය පොළොව වටා ගමන් කරන බවත් තොලමි පැවසීය.
පයිතගරස්
සොයාගෙන තිබූ පොළොව විශ්වයේ මැද නොවේය යන මතය තොලමි නොසලකා හැරියේය.
තොලමිගේ මතය කිසිම බාධාවක් නැතිව වසර ගණනාවක් සමාජයේ පිළිගෙන තිබිණි. ඊට මූලික හේතුව වූයේ එම මතයට අභියෝග කළ හැකි වෙනත් මතයක් මෙම කාලය තුල ඇති නොවීමයි. තවද විශ්වයේ මැද පොළොවය යන එදා වූ ආගමික මතයට පටහැනිව යාමට නොහැකි වීමත් මෙම මතය දීර්ඝ කාලීනව සමාජයේ පැවතීමට හේතු විය.
(සටහන:
I.S
Bandara - 2009./2010)
No comments:
Post a Comment