Monday, January 14, 2013

පොළොව ගැන පැරණි මත හා ඒවා‍ගේ බිඳ වැටීම.


පැරැන්නන් දුටුවේ පොළොව නොසෙල්වී එක තැන ම ඇති බවයි. ඒ නොසෙල්වී ඇති පොළොව වටා හිරු, හ, තරු සමග අහස දවසකට වරක් වටයක් කැරකෙන බවයි. තවද ඔවූහු පොළොව විශ්වයේ මැද යැයි සිතුවෝය. ඔවුන් වාසය කල රට වලින් එහාට මෙහාට යාමට හැටියක් නොමැති හෙයින් ඔවුන් සිතුවේ පෙනෙන හරිය පමණක් පොළොව කියා‍ය. එම නිසා පොළොව පැතැලි යැයි ඔවුන් සිතුවේය. පොළොවේ පැතැලිභාවය පිලිබව ලෝකයේ විවිධ රටවල විවිධ මත තිබුණි.